November 25, 2009

ඇත්ත කථාවක්...(පෙරවදන)

පෙරවදන:
මෙය සත්‍ය සිදුවීමක් අසුරෙන් ලියවුණු තරමක අමිහිරි කථාවකි. මෙහි එන නම් ගම් මනඃකල්පිතය. ගමක හැදුනු වැඩුනු එක් සුන්දර කාන්තාවකගේ ආදර අන්දරය හා පවුල් ජීවිතයේදී ඇයට සිදුවුණු අමිහිරිම අත්දැකීමක් සමග ඇය ජීවිත ගංගාව තරණය කරනට දරණ අති ශෝචනීය ප්‍රයත්නයක දුක්මුසු ජීවිත කථාව මෙලෙසින් පත් ඉරුවල බොඳ කරන්නට දරණ අවිහිංසක රචනයයි.









පවුලේ බඩපිස්සිය වූ ඇය නමින් විමලාවතීය. ආදරයට කවුරුත් ඇයට කුසුම් කියන්නට වූයේ ඇය ගමට කුසුමක් සේ කාගේත් සුවදුක් සොයමින් සිටි නිසාමය. විමලාගේ නැතහොත් කුසුමාගේ පියාද ගමේ බොහෝ දෙනෙක්සේ ම තවත් එක් අවංක අහිංසක ගොවියෙකි. ඔහු නමින් පුන්චි බණ්ඩා විය. පුංචි බණ්ඩාට හා පුංචි මැණිකාට දාව උපන් දූවරුන් තිදෙනගෙන් බාලම දියණිය වූ විම්ලා වැඩියෙන්ම ආදරය කලේ ඇයගේ එකම සොයුරු රණසිංහටය. දයාවතී හා සිරියාවතී යන දෙදෙනාත් මැණිකා කෙරේ අපමණ සෙනෙහසක් දැක්වූයේ ඇයෙගේ සුරතල්කමටමය. මෙලෙස මේ 6 දෙනෙකුගෙන් සැදුම් ලත් මේ පවුල ගමේ කාගේත් සිත දිනා ගෙන සිටියෝය.

මතු බැඳේ...

4 comments:

  1. ko katawaa navatunaada?

    ReplyDelete
  2. katawe sakilla hari.

    liyanna vitaray tiyenne.

    welawa madi wela inne

    ReplyDelete
  3. ane manda...
    kathawa gena thama hitha ganna amarui...

    ReplyDelete
  4. i'll start this after my baby's staffs

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!