December 2, 2009

ලිපිය

රාත්‍රිය,
2005-10-06

රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ
මට කියාදෙන්න
ඒ ඇයිද කියලා...

සුද්දී, මට නින්ද යන්නේ නෑ, මං දන්නේ නෑ ඒ ඇයිද කියලා. දැන් හොඳටම රෑ වෙලා. නිදිදෙව්දුව අහලකවත් නෑ. ඔයාවත් ළඟ හිටියනම්... ඒත් මගේ අවාසනාවට ඔයත් දුර ඈතක. හිතට ආපු වදන් පෙලක් මෙහෙම ලියන්නම් ඔයාට කියවන්න...

මතකයන්, සිත මෑතක ඉඳලා
මගේ දෙනුවන්
කඳුලින් තෙමනව
මේ සීතල රාත්‍රියෙත්...

ජීවිතය නැමැති
මහා සයුර මැදදී
හමුවූ රුවල් බිඳී
අතරමංව
සුළඟේ ගසාගෙන යද්දී
රාත්‍රියේ දුටු
නිල් තාරකාවයි නුඹ...

ඉතින් කියන් සොඳුර
කෙලස සොයමිද
පරක් තෙරක්
මේ මහා සයුරේ
කෙලෙස ජය ගනිම්ද
මේ රුදුරු දළ රල පෙල
ඉතින් කියන් සොඳුර...

/කොල්ලා

No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!