December 29, 2009

අම්මා... අම්මා... සෝ මෙනි ලාලයාස්....

මෙම සිදුවීම තරමක සිනහ යන එකකි. සිද්ධිය සිදු වූයේ මගේ නැන්දම්මාගේ නංගීගේ (සුදු අම්මාගේ) ගෙදරදීය.

සුදු අම්මාට දරුවන් දෙදෙනෙක් වන අතර දෙදෙනාම දැනට ජීවත් වනුයේ ඕස්ට්‍රේලියාවේය. ලොකු දුව විවාහ වී දරුවන් දෙදෙනෙක් සිටින අතර ඇගේ ලොකු පුතා හැදුනේ වැඩුනේද එම රටේමය. ඔහුට තවම වයස අවුරුදු 5 ඉක්ම නැත. නිවාඩුවක් ගත කිරීමට මුළු පවුලම ලංකාවට එන්නේ බොහෝ ආසාවෙනි. මා පැවසූ එම කොලු පැංචාට සිංහල නිවැරදිව කතා කල නොහැකිමුත් ගැට ගසා ගත හැකිය. දිනක් සුදු අම්මා සමග සෙල්ලම් කරමින් සිටි මේ පැංචාට හරක් රංචුවක් දකින්නට ලැබුණි.

තම වත්තට හරක් ආ නිසා කෝපයට පත් සුදු අම්මා,

"මේ ලාලයගේ හරක්... "

කියමින් හරකුන් එලවන්නට වූයේ මුන් "ලාල්ගේ" හරක් බව සුදු අම්මා දන්නා බැවිණි. කෙසේ නමුත් මෙය පැංචාට හරිම සතුටක් ගෙන දෙන්නක් විය.

ඔහු එකවරම අම්මා ළඟට ගොස් ...

පිංතූරේ මෙතනින් ගත්තේ.



අම්මා... අම්මා... සෝ මෙනි ලාලයාස්.... (amma.... amma... So many Lalayas...) කියන්නට විය.

"හරකාට" සිංහලෙන් "ලාලයා" කියනු ඇතැයි ඔහුට සිතෙන්න ඇත.

මෙම සිද්ධිය සුදු අම්මා අපිට පැවසූ විට අපටද සිනහ නවත්වාගත නොහැකි විය

8 comments:

  1. hik hik hik . .. demawpiyo mona rate hitiyath daruwanat sinhalath tikak igennuwanm hodai neda kiyala sudu ammagen ahanna . . . he he he

    ReplyDelete
  2. බුහාහාහා.. ඒක නම් හරි ශෝක්.. මගේ යාළුවෙක් ගේ නෑයෙකුත් කබරගොයෙක් දැකලා..අම්මෝ අන්න ලොකු හූනෙක් කිව්වලු..

    ReplyDelete
  3. @දුකා,
    දෙමව්පියන්ගෙ වරදක් නෑ. භාෂාව ඉගෙනීමට ජීවත් වෙන පරිසරය බලපානවා. සිංහලයන් බහුලව ජීවත් වෙන ප්‍රදේශයක හිටියනම් සිංහල පුළුවන් වෙයි.

    අනෙක, පොඩි එකා මළ මිනී වලට කියන නම කියන්නෙ නැතුව අම්මා කියලම කතා කරල තියෙනව නෙව!

    ReplyDelete
  4. meka kiyawala nam hina giya...eth ithin lamayinta ape bashawa hariyata kiyala denna ona...monawa unath thamange mawu basa ne...
    monawa unath oya baba amma kiyala hari kiyanawa..mehe inna ape lankawe samahara ayage lamayinta amma kiyala kiyanna lajjai..:P eyala kiyanne mama kiyala....:D

    ReplyDelete
  5. ස්තුතියි ඔක්කෝලටම
    මම කියන්නම් සුදු අම්මට ඔයාලා කියපු අදහස් ටික.
    මට හොඳටම අහගන්නවෙයිද දන්නේ නෑ...

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!