December 3, 2009

සිත පොපියනන වසන්නතයට...

ව වසරක උදාවකට
ගිය වසරක අසිරිය දැක
සිත පොපියනන වසන්නතයට
අර අදිනා කුමරියට


පදවැල් ඇත අතන මෙතන
සිතන පතන හැමතැනකම
සිහින ලොවට එහායින් සිට
රිංගුවාද හදමැදුරට


කිසිම දෙයක් නැහැ හැඟුමට
බරව ගියත් හදවත් තුළ
කකියන ලේ පොදින් මහද
නොතල යමන් සොඳුරු මැණික


පීඩාදෙන අතීතයක
බිඳුණු සිහින අමතක කොට
සුන්දර බර අනාවකට
තබමු පියාපත් සලමින


ලේපොදකට මහද බිඳුණු
කමකට නැහැ සිතින් බිඳුණු
විසුනු උනොත් සිහින මැවුනු
ජීවිතයකි සදා තැවුනු



No comments:

Post a Comment

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!