February 17, 2010

සිසුවිය සිය කැමැත්තෙන් මෙය සිදු වෙන්නට බැරිද?

පිරිමි ළමයි (මේ උන්ට ළමයි කියන්න බෑ ) 8 දෙනෙක් එකතු වෙලා එක ගැහැනු ළමයෙක්ව දූෂණය කරලා කියලා පුවතක් මට මේ ළඟදී අහන්න ලැබුණා. අද මම ඒක ගැන මගේ අදහස් ලියන්නයි හැදුවේ.


එක සිසුවියක්, සිසුන් 8 දෙනෙක් විසින් දූෂණය කර ජංගම දුරකතන මගින් වීඩියෝ කර, සංයුක්ත තැටි වල ගබඩා කර, විකිණූ බව එහි සඳහන් විය. අවසානයේදී සිසුවියගේ පියා අතටද ඒ තැටියක් ලැබුන බවද පියා විදුහල්පති ඉදිරියේ කරුණු කිව්වද ඉන් පලක් නොවී පොලීසියේ සහය පැතූ බවද දැන් සිසුන් රක්ෂණ බන්ධනාගාර බවද එම පුවතින් තවදුරටත් කියැවින.

නමුත් මෙහිලා සලකා බැලිය යුතු කරුණක් මම දුටුවෙමි.

අද බොහෝ දෙනා කතා කරන්නේ ගැහැනියගේ කිසිදු වරදක් නැත, වරද ඇත්තේ පිරිමි තුළමය යන තැන සිටන්ය. බොහෝ පත්තර හා රූපවාහිනී නාලිකා ඔස්සේ විස්තර කෙරුනේ ඇයව දූෂණය කළ බවක්ය. සියළුම වැරදි පිරිමි තුලට පටවා ගැහැනු සුද්ද කරන්නට විය.තවත් සමහරු මෙය නොදරුවන්ගේ කොලොප්පමක් ලෙසද අර්ථ දක්වන්නට විය. කෙසේ නමුත් අවසානයේදී මෙහි වරද පිරිමි සිසුන් වෙත පැටවෙන්නට විය.

මා මෙහිදී ඉස්මතු කරන්නට යන්නේ හරි වැරැද්ද කාගේද යන්න නොව, විමසිය යුතු කරුණක් ගැනය.

මෙම සිසුවිය සිය කැමැත්තෙන් මෙය සිදු වෙන්නට බැරිද?
- මේ සඳහා අර කියන සංයුක්ත තැටිය බැලිය යුතුය. එමගින් ඉතා පහසුවෙන් එය සොයා ගත හැකි වනු ඇත.

පාසල් ගියා හෝ නොගියා හෝ ඇයද එක් කාන්තාවකි. පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ආශාවන් ඇතිවේ. පිරිමි මෙන්ම කාන්තාවෝද එම ආශා ඉටු කර ගැනීමට කැමැත්තෙන් සිටිති. එම නිසා මෙවන් සිදුවීමකදී සියළු වැරදි එක් පාර්ශවයකට පටවා නිහඩව සිටීම කිසිසේත්ම පිළි ගත නොහැක.

සමහර විට ඇය හිතා මතාම පිරිමි ළමුන් පොළඹවා ගත්තා විය හැකිය. කැකෑරෙන තරුණ හදවත් ඉතාම කුඩා දෙයකින් පවා ඇවිස්සිය හැකි බව ගැහැනු මෙන්ම පිරිමිද හොඳාකාරම දනිති. එම නිසා නොකලයුතු උසුළු විසුළු කරමින් නොපෙන්විය යුතු තැන් උලුප්පවා පෙන්වමින් නොයෙකුත් අඟර දඟර දමමින් සිටින කෙල්ලකුට ඉතා පහසුවෙන් කොල්ලෙකු වසඟයට ගැනීම එතරම් කාර්යයක් නොවන බව නොරහසකි.

මෙහි කියැවෙන පිරිමි ළමුන් 8 දෙනා හිටිහැටියේ මෙම කාර්යය කලා විය නොහැක. ඔවුන් සංවිධානය විය යුතුය. ඇය යන එන තැන්, වේලාවන්, කවුරුන් සමගද, ඇය රැගෙන යා යුතු තැන, කවුරුන් විසින් කුමක් කළ යුතුද, මුදල්.... මේ ආදී දහසක් දෑ කළ යුතුය. එම නිසා මෙම සිද්ධිය එක පැයකින් සිදු වූවක් ලෙස සැලකීමට අසීරුය. එලෙසම මේ කියනා සිසූවියද මේ සම්බන්ධව ඉතා කුඩා හෝ දෙයක් දැන් සිටියා විය හැකිය. සමහරවිට ඇය මොවුන්ව බොහෝ සෙයින් විශ්වාස කල නිසා එය අමතක කළා ද විය හැක.

නමුත් කෙල්ලක වශයෙන් පිරිමින් අතර සිටිනා විට තමාගේ ආරක්ෂාව ගැන තමාම සිතිය යුතුය. පිරිමි ළමුන් 8 දෙනෙක් කොහේ හෝ යාමට කතා කරන විට ඒ ගැන කිසිත් නොකියාම ඔවුන් සමග යෑම මා කිසිසේත්ම අනුමත කරන්නේ නැත.


නමුත් මෙම සිසුවිය මෙවන් දෙයක් සිදු වූ විට එය සඟවා තබා ගැනීම එතරම්ම සාධාරණ දෙයක් ලෙස මම නොදකිමි.
මේ පිළිබඳව වැඩිහිටියන්ට පැවසිය යුතුද?
සඟවා තබා ගත යුතුද?

මෙහිදී මා දකිනා අනිත් කරුණ නම් පි‍යා අතට මෙම සංයුක්ත තැටි ලැබුණ කාරණාවය. මෙය පියාට රිදවීමට කලා විය හැකිය. එලෙසම පියා ඊට ඇබ්බැහි වූ අයකු වන්නටද පිළිවන.

කෙලෙස හෝ මා මෙහිදී උත්සාහ කලේ පිරිමි ළමුන් වෙනුවෙන් පෙනී හිටීම නොවේ. මාධ්‍ය එක පැත්තක් පමණක් උලුප්පා වෙන්වන කල්හි පාඨකයන් වන අප විමසිලිමත් විය යුතු බවය. නැත්නම් අප පඹයන් සේ කියවන දෑ දකින දෑ සැබෑයැයි සිතා කටයුතු කරනු ඇත.

ඔබේ සංවාදයට මෙය විවෘතය.

ඔබේ ඇසින් මෙය කියන්න....

පිංතූරය

56 comments:

  1. ඔබ කියන දේ තුලත් සත්‍යයක් නැතුවාම නොවේ. නමුත් කාන්තාවක් හැටියට මෙහි මම දකින පැත්තක් ගැනත් මගේ අදහසක් හැටියට සටහන් කොට තබන්න කැමතියි

    ඔබ කියූ ආකාරයට ඇය කාන්තාවක් ලෙසින් හැගීම් සහ ආශාවන් ඇතිව සිටියත් 8දෙනෙකු සමග සිය කැමැත්තෙන් මෙලෙස හැසිරුනාය කියන දෙයට මම එකග වන්නේ නෑ

    මෙහි එක් සිසුවෙක් ඇගේ පෙම්වතා වන්නට ඇති යැයි මම හිතනවා. තම පෙම්වතා ඉදිරියෙහි තම හැගීම් එලියට දමන්නට ඇය එකග වන්නටත් ඇති.

    මෙතැනදී මම හිතන විදියට ඇගේ පෙම්වතා සහ අනෙකුත් පිරිමි සිසුන් විසින් ඉතා රහසිගතව සැලසුම් කල ක්‍රියාවක් විදියට මා දකිනවා.

    ඒ වගේම එක් අයෙකුට බලහත්කාරයෙන් අතවරයක් කල නොහැකි උනත් දෙදෙනෙකු හෝ කීපදෙනෙක් එකතු වූ කල බලහත්කාරකම් කිරීම ඉතාමත් පහසු කාර්යයක්.....


    කොහොම නමුත් මේ සිසුවියගේ ක්‍රියාකලාපය මම කෙසේවත් අනුමත් කරන්නේ නෑ...පාසැල් යන අවදියක පසුවන්නියක් උනත් ඇය ගැහැනියක් වශයෙන් තමන්ගේ ජීවිතය ගැන මෙයට වඩා වගකීමෙන් සිතිය යුතු වෙනවා....

    රැවටීම සහ රවටා ගැනීම දෙයක් උනත් කෙනෙක්ට එතරම්ම ලෙහෙසියෙක් තමන්ව රවටාගැනීමට ඉඩ දීම තමාගේ දුර්වල කම නොවෙද ?

    ReplyDelete
  2. වරද කාගෙ උනත් පව් ඒ ළමයින්ගෙ ජීවිත. ඇයි මිනිස්සුන්ට හැඟීම් පාලනය කරගන්න ඔච්චරටම අමාරු.

    ReplyDelete
  3. මම හිතන්නේ ඔය වැරැද්දේ හරි භාගයක් දෙමාපියනුත් දැරිය යුතුයි.අද කාළයේ දෙමාපියන් තම දරුවන් ගැන මීට වඩා අවදියෙන් සිටිය යුතුයි.

    ReplyDelete
  4. ඔය වීඩියෝ එක දැක්ක කෙනෙක් ඉන්නවනම් ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්.

    ReplyDelete
  5. @දිල්,

    බොහොම හොඳ ප්‍රතිචාරයක්. ඉස්සරලාම ඒක කියන්න ඕනෑ. ස්තුතියි...

    ඔයා කියන කතාව හරියටම හරි,
    නමුත් මම කියන්නේ මාධ්‍ය මේක ප්‍රචාරය කරන විදියත් බලන්න ඕනෑ. ඔයා කියන විධියට කෙල්ලෙක් 8 දෙනෙක් එක්කම එකට ඉඳීවී කියන්න බෑ. නමුත් එහෙම වෙන්නත් පුළුවන් නේද.

    අනික ඔයා කියන විදියට දෙමාපියනුත් වගකිව යුතුය.
    යන්නේ එන්නේ කොහෙද, මොකා එක්කද, මොනවා කරනවද....
    අද අම්මලාට ලොකු වෙලා තියෙන්න සල්ලි.

    ReplyDelete
  6. ඈත්තටම අද අපි ජිවත් වෙන්නෙ ඈත්ත බොරැව මොකක්ද කියලා හොයා ගන්න බැරි සමාජයක ඈත්තටම අපි සැවොම මුලා වෙලා මේ ඈති වි තිබෙන සමාජ විපර්යාසයත් සමග

    ReplyDelete
  7. @දසයා,
    නමුත් මෙතන දෙගොල්ලම වග කියන්න ඕනෑ නේද?

    @තාරක,
    ඒකනම් හරි.

    ReplyDelete
  8. dil hari...
    mamat ekanga wenawa

    ReplyDelete
  9. @nadeera,
    ehema kiyalaa gonek harakek wage nikamma ahuwenawaanam jiivat welaa mokadaTa? eeta wediya honday ganikaawak wena eka.

    ReplyDelete
  10. සමාජයට දොස් කියා කියා උන්නොත් අපි පරාදයි. සමාජය කියන්නේ අපිම නේද ? ඉස්සර කිව්වේ ගෑනියෙක්ගෙ මොලේ හැදිමිට තරම් විතරයි කියලා...ඒත් ගැහැනිය හදටත් ගියා. ඒ මොලේ නැතුවද ? ඒ කියන්නේ ගැහැනිය නුවණක්කාරයි...එහෙමන් ඇයි මේ දරුවො මෙහෙම කරගන්නේ ?

    නොදන්නා කම වෙන්න බෑ. මේවා පාසැල් තුල ඕනෑතරම් කතාබහ වෙනවා...එහෙනම් මොකද්ද ? අසීමිත නිදහස ද ? වෙන්නත් පුළුවන්....දුවන්නා වාලේ තියෙන හැම අමතර පන්තියකටම දරුවො දුවනවා. දෙමාපියො සල්ලි දීල පැත්තකට වෙනවා

    ඒ නිසයි මම කියන්නේ දෙමාපියන් දරුවන් ගැන හරි සෙවිල්ලෙන් ඉන්න ඕනෙ කියලා...

    අපි හැමෝම මනුස්ස ආත්ම ලබපු අය...කාටත් වරදින්න පුළුවන්..ඒත් අපි අපි ගැනම අවදියෙන් ඉන්න ඕනා නේද ?
    දැන් පවතින සමාජය තුල ගැහැනු දරුවෙකුට තියා වැඩිහිටි කාන්තාවකට උනත් ආරක්ශාවක් නෑ. ඉතින් එහෙම නෑ කියලා අපි අපිට වින කරගන්නවද ?

    මොනදේ කොහොම උනත් තවත් අහිංසක දරුවෙකුගෙ ජීවිතය මේ විනාස වෙන්නේ..අනාගතය විනාස උනේ...

    කාගේ හෝ නොසැලකිල්ලකින් එක පොඩි අවස්ථාවක් කරපු හදියක තරම

    ReplyDelete
  11. pattama Ddil. elama kataawa.
    oyaa full series aragena wagei.

    kohomunath aththa kiyannea oyaaa...

    ReplyDelete
  12. ඒත් ගැහැනිය හදටත් ගියා. ඒ මොලේ නැතුවද ? ඒ කියන්නේ ගැහැනිය නුවණක්කාරයි... da?

    ReplyDelete
  13. father kaaraya maara baduwakne, vala balana buwekda danne nee

    ReplyDelete
  14. @නදීර,
    ඒකට නම් මම එකඟ නෑ. මොකද සමාජයට වරද පටවලා නිකං බලාගෙන හිටියොත් පාඩුව අපිටමයි.
    අනික, සමාජය කියන්නේ අපිමනේ!
    ඒක හින්දා අපි වගකියන්න ඕනෑ මේ සිද්ධියටත්.

    /බිඟුවා...!

    ReplyDelete
  15. @Dil,

    you r not taking about the post content.

    ReplyDelete
  16. බිගු වැරැද්ද මුලින්ම දෙමව්පියන්ගෙ, දෙක ගුරුවරුන්ගෙ.... දෙමව්පියන්ට ඔනා සල්ලි එක පස්සෙ යනවා. ගුරුවරුන්ටත් ඔනා සල්ලි එක හින්දා එක පස්සෙ යනවා. ගණන් නම් ගනන් විතරයි වෙන මුකුත් නැහැ..

    ReplyDelete
  17. මමත් ඔය කථාව ප්‍රවෘත්ති වලට ඇහුවා.
    මේ වගේ දෙවල් වෙනකොට හරියටම මොකක්ද උනේ කියල මාධ්‍ය අපිව දැනුවත් කරන්නේ නැහැ.
    ඒක නිසා අපි දන්නේ නෑ හරියටම මොකක්ද උනේ කියල.
    නමුත් ගැහැනු ලමයෙක් වුනාම මීට වඩා තමා ගැන හිතන්න ඕනේ.
    අඩුම තරමේ සිද්ධිය ගැන දෙමව්පියන් දැනුවත් කල යුතුමයි.
    එයා එහෙමවත් නොකල නිසා එයාගෙ කැමැත්තක් තියෙන්නත් ඇති කියල මට සැකයි.

    ReplyDelete
  18. personally I don't think that anyone would be dumb enough to sell a real rape video,that's just asking to be butt raped by the police amirite...
    there that's my assumption,since it seems to be the tall order of the day...anyways none of us will know the truth till someone sees the video,till then,to be continued :P

    ReplyDelete
  19. Meka paththareke thibunada? Visthara danna kenek kiyanawada mokakda kiyala?

    ReplyDelete
  20. ඒක හරි රවා.
    නමුත් මම කියන්නේ වැරැද්ද කාගෙද කියන එකට වඩා අපි බලන්න ඕනෑ මේ මාධ්‍ය කරන වැඩේ හරිද කියන එකයි.

    /බිඟුවා...!

    ReplyDelete
  21. pasyala seelarathana.February 19, 2010 at 1:03 PM

    tharuna daruwan thula athi manasika viyawula ek paththak lasai ma ma siduweema dakinna. tharuna daruwanga aklpamaya wanasak athi kireemata kalaya awith.

    ReplyDelete
  22. අදාල සිද්ධිය ගැන මම දැනුවත් නැතත් සාමාන්‍යයෙන් ඔවැනි සිද්ධීන් හා බැ‍ඳෙන ක්‍රියාදාමය ගැන අදහසක් පවසන්නට සිතමි.

    නිතර සිදුවන්නේ අසාමාන්‍ය ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට මගක් ලෙස සමහර න්‍යුරෝසීය රෝග වලින් පෙළෙන්නකු මේ සඳහා ප්‍රේමවන්තියක් යොදවා ගැනීමයි.‍

    ප්‍රථමයෙන් යම් කිසි අයුරකින් ඇය හා සබඳතාවක් ගොඩනගා ගන්නට උපායශීලී වන මොවුන් එම සබඳතාව යම්කිසි මට්ටමකට ගොඩනගා ගත් පසු තමන් වැනිම එම රෝගයෙන් පෙළෙන කීප දෙනෙකු එක් කරගෙන යුවතියක් යම් ස්ථානයකට රැගෙන යාම සිදු කරයි. ඔවුන් ඔහුගේ මිතුරන් නිසා ඇයට ද ඒ ගැන එතරම් සැකයක් ඇතිවන්නේ නැත.

    ඉන් අනතුරුව යම් කිසි ලිංගික සන්තර්පණයකට ඇය එකඟ කර ගන්නා එම පුද්ගලයා අන් අයවද අතර මගදී එයට සම්බන්ධ කර ගනී. බොහෝ දුරට මෙයට කැමති වීමට අදාල තරුණියට සිදුවන අතර අදාල සිද්ධිය වීඩියෝ ගත කිරීමකින් හෝ මරණ තර්ජනයකින් එය සමාජයෙන් වසන් කොට රහසක්ව තියාගන්නට ඇය පොළොඹවනු ලබයි.

    නමුත් එම වීඩියෝ වල රහසිගත භාවය වැඩි දිනක් පවතින්නේ නැත. ඒවා අතින් අතට ගොස් අවසානයේ නවතින්නේ යම්කිසි මාර්ගයකින් අන්තර්ජාලයට පවා යාමෙනි.

    අවසාන ප්‍රතිලපය මෙය කෙළවර වන්නේ සිද්ධියට අදාල තරුණිය දිවිනසා ගැනීමෙන්, ගණිකාවකගේ තත්ත්වයට ඇද වැ‍ටීමෙන් හෝ එවැනි ඉතා විශාල ඛෙදවාචකයකිනි.

    තමන්ගේ සබඳතා වලදී ගැහැණු ළමුන් අතිශයින්ම පරෙස්සම් වීම හා බුද්ධිමත් වීම වැදගත් වන්නේ ඉහත ආකාරයේ මානසික රෝගීන් අද සමාජය තුළ විශාල පරිමාණයෙන් සිටීම හා ඔවුන්ට ද‌ඬුවම් කළ හැකි විධිමත් පද්ධතියක් තවමත් රට තුළ නිර්මාණය වී නොමැති බැවිණි.

    ReplyDelete
  23. elama kataaawa tejan,

    ReplyDelete
  24. moko kello vitarada parissam wenna onee?

    ReplyDelete
  25. මේ post එක අදයි දැක්කේ.

    මම ඔය කියන video එක බැලුව.මම බැලුවෙනම් වල් කමට. එකේ හැටියටනම් කොල්ලො 8 දෙනෙක් ඉන්නව කියල හරියටම කියන්න බැහැ.ඒක විනාඩි 23 ක පමන video එකක්.video එකේ ලමුන්ගෙ හඩ හොදින්ම ඇහෙනව.එකේ හැටියටනම් 8 දෙනෙක් ඒ ගැහැනු ලමයව දූෂණය කරන බවක් පේන්නෙ නැහැ.එක ලමයෙක් ඒ වැඩේ කරනකොට,අනෙක් උන් හිනා වෙවී වට වෙලා බලන් ඉන්න එක තමයි video එක පුරාවටම තිබුනෙ.ඒ ගැනු ලමය අකමැත්තක් පෙන්නුවෙත් නැහැ.අඩුම ගානෙ මූන වහගෙනවත් නෙමෙයි හිටියෙ.හොදට කැමරාවට මූන දීගන හිටියෙ.ඇගේ කටහඩත් හොදට ඇහෙනව.

    කොහොමත් මාධ්‍යය එක දෙක කරලනෙ කියන්නෙ.

    ReplyDelete
  26. apitat depanko balanna ehenam...
    link ekawath

    ReplyDelete
  27. අදයි මේ පැත්තෙන් ආවේ , මමනම් වීඩියෝ එක දැක්කේ නෑ , හැබැයි බලපු අය කියන විදියට , වරද දෙගොල්ලොගෙම , මොකද සමාජයේ හැසිරිය යුත්තේ කෙසේද? හරි වැරැද්ද මොකද්ද කියල මේ අය දැනගත යුතුයි. මක්නිසාද යත් මෙවන් හරියක් දන්නා අයවලුන් එවන් හොද නොහොද නොදන්නාවිය නොහැකි බැවිනි.ඊට අමතරව බොහෝවිට සමාජ හැසිරීම් , දෙමාපියන් , පවුල් පසුබිම්ද මේ සදහා වගකිවයුතු විය හැක.

    ReplyDelete
  28. බින්ගු පවසන දේ යම් දුරකට නිවැරදි. මට හිතෙනවා ඒ ගැහැණු ළමයා මේක සඟවා ගෙන සිටිමට සමහර විට ලාජ්ජාව හේතුවක් වෙන්න ඇති කියලා. ඒ මගේ අදහස. අද කාලේ වරද කාගේ වුනත් මෙහෙම දෙයක් වුණු ගෑණු ළමයෙක්ට සලකන්නේ ඉතාම පහත් විදියට. ඉතින් ඒක නිසා වෙන්න පුළුවන්.

    ගෑණු ළමයත් ඉතාම වැරදි. තාමත් පාසැල් යන කෙනෙක් විදියට අත්දැකීම් අඩු නිසා ගොඩාක් ප්‍රවේසම් වෙන්න ඕන. අනිත් දේ තමා මාඩ්‍ය(media) වලින් මෙච්චර දේවල් ප්‍රචාරය වෙලත් මේවගේ මොඩ ගොදුරු වලට අසු වෙනව නම් ඒක අනිවරයයෙන් ගෑණු ළමයගේ වැරද්ද.

    නමුත් නීතිය ඉදිරියටයන කොට අනිවරී‍යයෙන් ගැහනු ලමයට වාසියක් වෙන බව මට සිතෙනවා.

    ඒ නිසා ඕනම කතවක වගෙ දෙපත්තක් මෙයටත් ඇති බවයි මට සිතෙන්නේ.

    ReplyDelete
  29. හැබැයි කමල් කියන දේ ඇත්ත නම් මාඩ්‍යයෙන් කරන දේ ඉතාම වැරදි.ගැහණු ලමයා ලජ්ජා වෙන්න ඕනේ.

    ReplyDelete
  30. දිල් ගෙ කතාව මම අගය කරනව...

    මාධ්‍ය විසින් පෙන්නන දේ , පෙන්වන්න කැමැති දේ සහ සත්‍යය අතර ලොකු පරතරයක් තියනව.. ටයි පටියකින් ගෙල සිර කර මිය ගිය කුඩා දැරියගෙ කතාවත් අවසානයෙදි නිර්මාණය උනේ මාධ්‍යයට උවමනා විදියට...

    මේ කියන තාලෙට , දෙමවුපියන්ටනම් තමන්ගෙ දරුවන් ගැන තියන බර සුලුප‍ටු නැහැ.. තාක්ෂණය හරහා ලෝකය තුල වාත වේගයෙන් දත්ත පියාඹන්නෙ ජීවිත පවා අනතුරේ හෙලමින්.
    මේ ලමුන් කල ක්‍රියාව කිසි සේත්ම අනුමත කරන්න නම් බැහැ...

    ReplyDelete
  31. @තේජාන්,
    විග්‍රහය නම් මනරම්, ඇත්ත කියලා තියෙන්නේ.
    ඔයා කියන විදියට මේ කියන පුද්ගලයින් කොහොමද වෙන් කරලා හඳුනා ගන්නේ?
    අනික සිද්ධිය උනාට පස්සේ කෙල්ලට තමා ප්‍රශ්නය ඉතුරු වෙන්නේ.
    නමුත් මොනයම් හෝ දඩුවම් ක්‍රමයක් අවශ්‍ය බවත් එය මැනැවින් පාලනය කලයුතු බවත් එක හෙලා පිළිගනිමි .

    /බිඟුවා...!

    ReplyDelete
  32. ඉස්කොලෙදි ගැහැනු ලමයින්ටයි පිරිමි ලමයින්ටයි එකට තියලා ලොකු තෙලක් ගහන්න ඔනා ලිංගික අධ්‍යාපනය, හා හැගිම් පාලනය මෙ ආදි කරුනූ ගැනැ. මාධ්‍ය ගැන කතා කරන්න එපා. මොකද ජානධිපතිවරනය වෙලාවෙ දැක්කා. එවා හැසිරුනු හැටි. රටට ආදරයක් නැති සල්ලි පස්සෙ යන බල්ලො ටිකක් ඉන්නෙ. අනික බල හිගන්නන්ගෙ කකුල් ලෙවකාල උඩ පුටු වලට ඇවිත් මිනිස්සුන්ව නොමග අරිනවා. උන් උන්ගෙ දරුවෙකුට මෙ වගෙ දෙයක් උනාම එක ලස්සනට හංග ගන්නවා. නමුත් පිට දරුවෙකුට මෙ වගෙ දෙයක් උනාම වෙලද දැන්විම් කිපයක් අරන් එවා මැද්දෙන් මෙක දාන්නෙ.

    ReplyDelete
  33. බිඟුවා,
    මම මුලින්ම ස්තූති කරන්නේ මේ වගේ දෙයක් ඔබට හිතන්නට පුළුවං වුණාට නෙමෙයි. එ්ක ලියලා පළ කරන්න තරම් සංස්කෘතිකමය ත‍්‍රස්තවාදියෙක් වෙන්න ඔබට හයියක් තිබුණාටයි.

    මේකයි බිඟුවා තත්වය. අපි හිතමු පාසලක ළමයෙක් රුබෙල්ලා විදින්නට ගිහින් මැරුණා කියලා. එ් ළමයා තමයි එ් පන්තියේ හොඳම ළමයා. ඊයේ හවස පලූ යන්න බැනලා, ගහලා ගිය ගුරුතුමියත් අඩ අඩ කියනවා එයා තමයි පන්තියේ හිටපු හොඳම ළමයා කියලා. පාසලක ගුරුවරියක් මාරුවෙන්න ගියොත් උත්සව තියලා මාරුවීමට හොරෙන් ගේම දුන්න විදුහල්පතිම කියනවා එයා තමයි පාසලේ හිටපු හොඳම ගුරුවරිය කියලා. හැම තැනම තත්වය ඕකයි. එ් විතරක් නෙමේ ගෙදර දුව බැඳලා යද්දි අපේ අම්මලා අඩන්නේ තව දුවරු 3ක් 4ක් ඉද්දිත් කියනවා අනේ උඹ නැත්තං මම මැරෙයි කියලා. එතකං මේ ගෙදරට වෙලා කිසි වැඩක් නොකර, උදේ ඉඳං අම්මා බැන බැන හිටපු කෙල්ල.

    මේක බිඟුවා අපේ මනෝමය දුර්වලතාවයක්. අපි හැමවෙලේම යමක් නැති වුණාම හරි නැති වෙන්න යනකොට හරි එ්ක අනවශ්‍ය විදිහට අගේ කරනවා. ඕකනේ අපි ඇඳලා පට්ට ගහපු ඇඳුමක් වුණත් හිඟන්නෙක්ට දෙන්න බෑ කියලා හිතෙන්නේ. මේක අපි සංස්කෘතිකවම ගොඩනගා ගත් දෙයක්. අපි හිතනවා එ් නැතිවෙන්න යන දෙයට කරන්න පුළුවං ලොකුම ගෞරවට එ්ක කියලා.

    මේ සිද්ධිය දෙස බැලූවහමත් එ්ක තමයි තියෙන්නේ. කැමැත්ත කෙසේ වෙතත් අඩුම ගානේ දැනුවත් කමක් වත් නැතුව මේවගේ දෙයක් කරන්න බැරි බවයි අපේ නම් අදහස. මෙම වීඩියෝව දුටුවොත් තත්වය තවත් පැහැදිලි වේවි. නමුත් මෙය ව්‍යාප්ත වීමත් සමග කාන්තාවගේ ගරුත්වයට පහරක් එල්ල වී ඇත. මේ නිසා අපිට සංස්කෘතිකවම හුරු ලෙස කාන්තාවන් බෝ පැල යැයි සිතා ඇය කෙරෙහි අනවශ්‍ය අනුකම්පාවක් ගොනු කර ඇත. සැබෑ තත්වය මෙයයි. මෙය අපගේ හෝ ඔබගේ වැරැද්දක් නොව. අපේ සංස්කෘතියේ වැරැද්දකි.

    ReplyDelete
  34. @කමල්,
    ඉස්සරලාම ස්තුතිවන්ත වෙනවා ඇත්ත කීම සම්බන්ධව.
    අනික ඔයා කියන විදියට මේ කෙල්ලගේ විරුද්ධත්වයක් තිබිලා නෑනේ.
    මොකද අනික ඔයා විතරයි ඒක දැකලා තියෙන්නේ. ඒ හින්දා ඔයා කියන එක විශ්වාස කරන්නත් වෙනවා..

    මාධ්‍ය එක දෙක කරලා නෙමෙයි, එක 1/එක( එක යට එක කියන්නේ අනිත් පැත්ත ) කරලා දක්වන්නේ.
    ඒක හින්දා කියවන බලන අපි ඔලුවෙන් වැඩ කිරීම ඉතා අගනේය.

    @බුද්ධික,
    ඒක හරි. පවුලේ අම්මා මේ වගේ නටනවානම් ඉතින් දුව ගැන හිතා ගන්න පුළුවන්නේ...
    නමුත් බුද්ධිමත් දුවලත් ඉන්න බව මතක් කරන්න ඔනෑ...
    තාත්තා බෙබෙක්නම් ඉතින් දන්නවනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  35. @හිපෝ,
    බොහොම ස්තුතියි මම කියන්න හදපු දේ තේරුම් ගත්තට.
    ඒත් ඔයා කියන විදියට කෙල්ලට විතරක් වැරැද්ද පටවන සමාජයක්ම නෙමෙයි මේක.
    නීතිය ෆුල් සපොර්ට් එක දෙන්නේ කෙල්ලට නිසා සමාජය හැම වෙලාවෙම අනිත් පැත්ත නැත්නම් කොල්ලගේ පැත්තට වැඩ.
    නමුත් කිළිටි වෙන්නේ කෙල්ලගේ චරිතේ තමා. ලංකාව වගේ සංස්කෘතියක් තියෙන රටවල් කෙල්ලගේ කෙරුවාව හෙනට බලනවනේ.
    ඉතින් ඒක හින්ඳයි මේ තරම කෙල්ලට බර බරේ එන්නේ.
    සුද්දගේ රටේ එහෙමම නෑ.
    නමුත් මුස්ලිම් රටවල....

    @ජීවිතේමල්,
    අහා.. කාලෙකින්,
    කොහොම උනත් තාක්ෂණයද දැන් වැරදි කරු. නෑනේද?
    අපි නිකන් බලාගෙන හිටියොත් තාක්ෂණය එපා කියලා මොකක් වෙයිද?
    එක දෙයක්, අපේ අම්මලාට මේ කියන තාක්ෂණය තේරෙන්නේ නෑ.
    ඒක හින්දා අම්මලා පොඩ්ඩක් නිදහස් වෙනවා ඔය කියන බරෙන්,
    මොකෝ නොදන්න දේ කොහොමද දරුවන්ට එපා කියන්නේ, නමුත් එහෙම කියලා හරි යන්නේ නෑ නේද?

    /බිඟුවා...!

    ReplyDelete
  36. @රවා,
    ඔයත් කාලේකින් නේද..
    හැමදාම වගේ හොඳ පිළිතුරක් හම්බ වුනා අදත්,
    ළමුන්ට ලිංගික අධ්‍යාපනය මදි කියලා තමා මාත් හිතන්නේ.
    මේක 9 වසරට එන්න ඕනෑ පාඩමක්.
    අනික ගුරුවරු හරියට කියලා දෙන්නත් ඕනෑ, නිකන් බුග් ගාලා ඉවර කරන්නේ නැතුව,
    ළමුන්ගේ කුතුහලය වැඩිම පාඩමනේ. ඉතින් පරාසය වැඩි කලාට කමක් නෑ.
    කොහොම නමුත් වෙනසක් වෙන්න ඕනෑ ළමා අධ්‍යාපනයේ....

    /බිඟුවා...!

    ReplyDelete
  37. @හෂාන්,
    ඔයා කියලා තියෙන්නේ කලින් ඉන්න අදහස් දක්වපු සමහර අයට හොඳ පිළිතුරක්.
    අපි සංස්කෘතිය කියලා ලොකුවට කියෙව්වට බලන්න අද අහන්න/දකින්න ලැබෙන දේවල්.

    මම කියන්නෙත් සංකෘතිය විනාශ කරන්න කියන එක නෙමෙයි,
    නමුත් මේක පොඩ්ඩක් වෙනස් කළාට කමක් නෑ. නැත්නම් ඉතින් 'ගම්පෙරළිය, යුගාන්තය' වෙන්න පුළුවන්.
    අනික අද කාන්තාව එදා විදියටම දකින්න බෑ.

    කොහොම උනත් මට කියන්න ඕනෑ, අපි ඔය මාධ්‍යට කඩේ යන එක නම් ඉක්මනටම නවත්වන්න ඕනෑ.
    නැත්නම් අපේ අනන්‍යතාවයට ලොකු හානියක් වෙනවා...



    /බිඟුවා...!

    ReplyDelete
  38. මොන දේ උනත් මේ සිද්ධිය හරිම කම්පනයක් ගෙන දෙනවා. මොනයම් ආකාරයෙන් අපි බැලුවත් මේ අය තවම පාසල් යන ළමයි. ළමයි අතින් වැරදි සිදුවිය හැකියි. පළමුව දෙමාපියන් දෙවනුව ගුරුවරුන් තෙවනුව සමාජය යන තුන්ගොල්ලම මේකේ වගකීම ගන්න ඕන. තව දෙයක් සමාජයේ වැරදි නිවරදි කිරීමට අපි ඉස්සරහට එන්න ඕන. නැතුව පැත්තකට වෙලා බලන් ඉදලා හරියන්නේ නැ
    රවා කිව්ව විදියට ලිංගික අධ්‍යාපනය පාසල තුළ ඉතා පුලුල් විෂයක් හැටියට ඉගැන්විය යුතුයි...

    ReplyDelete
  39. මිත්‍රයා, මට නම් මෙය එක්තරා සිදුවීමක් පමණයි. මේ ගැන දැනුම් තේරැම් තිනෙ කාලෙ ඉදන් අහල අහල තෙත මැකිල ගිහින්. මේ ගැන කවි,කෙවි කතා වගේ දේවල් පිටු ගණන් නොනැවතී ලියතහැකියි. ඇතැම් වෙලාවට ඒත් ආතතිය අහවර වෙන්නෑ. නන්නත්තාර දේවල් රාශියක් ලියල අදහස් ගොන්නක් පිට කළ හැකියි.
    නමුත්, මේ සිදු වීම හා මෙතෙක් මේ රටේ මේ ගැන කතා කරපු සියලු දෙනාගෙ භූමිකාවල ස්වාභාවය සහ භූමිකා ගැටුම අධ්‍යනය තුළින් මම මෙන්න මේ තැනට ආවා.
    (ඉතාම කෙටියෙන්COMMENT එකක් විදිහට මේක ලියන්නම්. නැත්නම් මගෙ ඔළුව ඇතුළෙ මේක මහ දැවැන්ත සංවාදයක්...)

    මගේ මතයේ හැටියට මේ සිද්ධ වු‍ණේ සහ සිද්ධ වෙමින් යන්නෙ 'පුමෝදය' නමැති සංකල්පයේ ප්‍රාථමික වර්ධනයක්. සංස්කෘතික වශයෙන් අනෙකා නන්නත්තාර කරමින් ප්‍රමෝදයට පත්වීමක්. මතක තියාගන්න මේකෙ ඇරඹුම එක්කෝ සමාජ විද්‍යාත්මකයි, නැත්නම් සමාජ ‍මනෝ විද්‍යාත්මකයි.
    මෙම සිදු වීමේ ප්‍රමෝදය අදාළ පාර්හ්ව කිහිපයක් පැහැදිලිව හදුනාගත හැකියි.
    1. සිසුවිය
    එකට පාසලේ බත් කාපු කෙල්ල. කොල්ලො අට දෙනා ගැන දන්න හොදම කෙනා. එකවර 8කට බෑ කහිපදෙනෙක් පමණයි.
    2.සිසුන්
    එකෙක් හෝ දෙන්නෙක් කරද්දී අනෙකුන් වීඩියෝ කරමින් ප්‍රමෝදය ලබයි.
    තවකෙක් හිනාවෙමින් ප්‍රමෝදය ලබයි.
    (ඇතැම්විට වෙනත් ප්‍රමෝදාපන්න කටයුතු රැසක් සිදුවෙන්නට ඇත.)
    3. මාධ්‍ය
    මේ රටේ මාධ්‍ය (බිහිවීම, හැසිරීම සහ පැවැත්ම)යනු අතිශය පුද්ගලික ප්‍රමෝදයන් රැසකගේ එතකුවකි.
    4. මහජනතාව
    sex and violence news අදටත් මාධ්‍යයේ භාවිත බෙහෙවින් උද්වේගකර ආදායම් මාර්ගයකි.
    live @ 8 මෙය පෙන්වනවිට

    !වැඩිහිටි පරම්පරාව - අනේ අපොයි කියා කම්පාත්මක ප්‍රමෝදයක ලබති. (වෙන කරන්නට දෙයක් ඔවුන්ට නෑ.)

    !මැදිවිය(50 ට ආසන්න) - ස්වයං වින්දනයේ

    !තරැණයන් - video එක සොහොම හරි හොයල බලනව

    !තරැණියන් (සියයට 60කය වැඩි) - මමත් ඒකි වගේ වුණා නම්
    ආදී ලෙස තම තමන් ප්‍රමෝදයට පත්කර ගනී.
    මේ සිදු වීමේ එක් එක් චරිත ගෙන ඒවා ක්‍රියා කළ ආකාරය ප්‍රමෝදය ඇසුරෙන් ගෙන වෙන් රෑප සටහනකින් දැක්වූ විට ප්‍රමෝදයේ පොදු කුලකය වන්නේ කෙල්ලය.

    ප්‍ර‍මෝදාපන්න සමාජයක නිරැවතවත් හො‍් යටිබඩවත් විවාදාපන්න නැත. මොකද හැම එකාම මොන මොනවා හරි කර ප්‍රමෝදය සොයා ගන්නා බැවිනි. කෙළින්ම කියනවා නම් යටි බඩට හෝ ඉන් පහළට කෙළින්ම අත යන නිසාවෙනි.
    (සැ.යු
    ඉහත සිදු වීමට අදාළ ක්‍රියාවේ කායික විද්‍යාත්මක පැත්තෙන් බලන විට මෙසේ වෙයි.
    අදාළ ස්ථානවල ඇති මාංශ පේශී තෙරපීම රසයක් ලෙස ස්නායු අග්‍රවලට දැනීමත් එමගින් මොළයේ අදාළ ඛණ්ඩිකාව උත්තේජනය වීමත් ප්‍රතිචාරය ලෙස හෝමෝන වෑහීමත් එහි ප්‍රතිඵලය ලෙස අදාළ දේ පිටව යාමත් සිදුවේ.)

    ReplyDelete
  40. Rawanputhrata jaya weawaaaaa...

    ReplyDelete
  41. pissu hedena katawa Rawanputhrata

    ReplyDelete
  42. uba hari.. oka Rape ekak newei bangz..

    ReplyDelete
  43. මන් නම් ඔය විඩෙයො එක දැක්කෙ නේ... එත් කොම්මෙන්ට් වල හැටියටනම් කියන තරම් දෙයක් නෙමෙ වෙල තියෙන්නෙ... ඊත් හරියට නොදැන ඔවලට මොකුත් කියන්න බෙහෙ...

    ඊත්.. අපෙ රටෙ තියෙන සන්ස්කෘතික බාදක... සහ ලින්ගිකත්වය ගැන කතා කරන්න තියෙන බය නිසා මෙ වගෙ පොඩි උන් නොමග යන්න තියෙන ඉඩ කඩ වෙඩිය්..

    රාවන පුත්‍ර... cant agree with more. hats off.

    ReplyDelete
  44. @cool cartoon
    pls. explain your idea e
    හුගක් වටීවි...
    hat in hand

    ReplyDelete
  45. බිගුවා විමසා තියෙන කාරණාව සම්බන්ධ ගැටලුව ක් මට නෑ.එත් මතක් කරන්න ඔන කාරණාවක් තියෙනවා.අමතක කරන්න එපා ලංකාවෙ සමාජය කියන්නෙ කාන්තාවො කාන්තාවො වුණ නිසා ම රිදවන රටක් කියලත්.ඔයාගෙ විමසිම අැතුලෙ සිද්ධ වෙන දෙ බොහොම අල්පයි.2010.02.24 දිණමින newpaper එක අරන් බලන්න.අවුරැදු 7ක අාබාදිත ගෑණු ළමයා දුෂණය කරල තියෙන්නෙ තාත්තෙ.ලංකාවෙ බහුතරයක් පිරිමි හැගීමක් අාවහම ලේ නෑ කම ලොකු පොඩිකම් බලන අය කියලා වැරදි හැගීමක් තියාගන්න එපා.අපෙ රටෙ ඔයවගෙ සිද්ධි වෙන්නෙ නම් ගෑණු කම පිරිමිකම ස්වභාවික සංසිද්ධියක් විදිහ ට නොසළකා මැජීක් එකක් කරගත්ත නිස යි.

    ReplyDelete
  46. @ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
    රවා කියන දේ ඇත්ත තමා. නමුත් මට කියන්න ඕනෑ උනේ අපි මාධ්‍යයට කඩේ යා යුතු නෑ කියන එකයි. ඔයා කිව්වා වගේ අපි මොනවා හරි කරන්න ඔනෑ...

    @රුවන් පුත්‍ර,
    එලම ලියමනක් මචං. ප්‍රමෝදය ගැන මේ වගේ එකක් ඇහුවාමයි. මගේ යාළුවෙක් මේක කියවලා කිව්වා, "අම්මෝ මේ මොකද්ද මේ.. හරිම සංකීර්ණ විදියටනේ තියෙන්නේ.. සමහර එව්වා මට" කියලා.
    මේක නම් නියම කියමනක්:
    ප්‍ර‍මෝදාපන්න සමාජයක නිරැවතවත් හො‍් යටිබඩවත් විවාදාපන්න නැත. මොකද හැම එකාම මොන මොනවා හරි කර ප්‍රමෝදය සොයා ගන්නා බැවිනි. කෙළින්ම කියනවා නම් යටි බඩට හෝ ඉන් පහළට කෙළින්ම අත යන නිසාවෙනි.

    කොහොම උනත් ඔයාගේ පිළිතුර අගනේය. නමුත් අප මෙය මෙසේය කියා කට පියා සිටිය යුතුද?
    අනික අපි ප්‍රවෘත්ති සැබෑ ලෙසම විචාරය යුතු නොවේද?

    /බිඟුවා...!

    ReplyDelete
  47. @කූල්,
    ඒක තමා කිහිප දෙනෙක්ම කියන්නේ.
    ලංකාවේ සංස්කෘතිය කියලා බොරුවට හංගාගෙන ඉන්නවා. නමුත් අවස්ථාවක් ආව ගමන් ඒකෙන් ප්‍රයෝජන ගන්න බලනාවා. ඒ හින්දා මේක රටක් විදියටම වෙන්ස් වෙන්න ඔනෑ...

    @ජයනි,
    ඔයා කියන පත්තර කතාවෙත් කියැවෙන්නේ පිරිම් කරපු වැරැද්ද්ක් ගැන විතරනේ. ඔයාම බලන්න පත්තරවල දාන කතා ගත්තාම වැරැදි කාරයෝ පිරිමි විතරයි. ගෑනු නිකන් බලාගෙන ඉඳලා තියෙන්නේ.
    මොකද පත්තර කාරයන්ට ගෑනු නටපු නාඩගම් පේන්නේ නැද්ද?
    නැත්නම් බලෙන්ම හංගනවාද?


    /බිඟුවා...!

    ReplyDelete
  48. @බිගුවා
    අනිවාර්යෙන්ම අපි ප්‍රවෘත්ති විචාරිය යුතුමයි.

    නැවුම්, කියවන්නා තුළ උනනුද්වක් සහ උත්තේජනයක් ඇති කරන සිදු වීමක් සරලව ප්‍රවෘත්තියක් ලෙස හැ‍ින්විය හැකියි.
    ලෝක සම්ප්‍රදායට අනුව පුවත් පිලුණු නොවිය යුතුම ය.
    (සිදුවීමක් ප්‍රවෘත්තියක් වීමට සැපිරිය යුතු කරැණු කීපයක් තිබේ.)

    ලංකාවේ මිනිසුන් ලෝක සම්මතයෙන් අපගමනය වූ තැනෙක හිද පුවත් විචාරයි. ලංකාවේදී හොද පුවත් බිහිවීමට අවශ්‍ය මූලිකම සාධකය වන්නේ අතිශය ගද ගහන පිලුණු බවේ අපායටම පැමිණි පරිසරයක්.
    උදාහරණයක් ලෙස ප්‍රේමවතී මනම්පේරි ඝාතනය අදටත් ජනප්‍රිය පුවතක්. ඊළගට අබා කොස්තා ඝාතනය බලන්න. එහෙම නැත්නම් සදීප ලක්ෂාන් ඝාතනය අරගන්න. වැඩිය ඕන්නෑ ප්‍රභාකරන් ඝාතනය ගැන ගන්න. මේ හැම සිදු වීමක්ම මාධ්‍ය වාර්තා කරපු ආකාරය විමසන්න. එතකොට අපිට පේනවා මධ්‍ය කොහොමද අපිව රෑකඩ කරන්නෙ කියල.
    ලංකාවේ වත්මන් මාධ්‍යට පුළුවන් නිරැවත් පුෂ්ටිමත් පිරිමියෙක්ව පිරිමියෙක්ව කන්‍යාවක් කරන්න. ඒ වගේම ඒ කන්‍යාභාවය එවෙලේම අහෝසි කරන්න.
    අවාසනාවට අපේ රටේ උදවිය ඇස් පනාපිට සිදුවන බොරැව ඇත්තක් ලෙස ගන්නවා. දකින ඇත්ත බොරැවක් කර ගන්නවා.

    කොහොම වුණත් ඔයා කියන්න උත්සාහ කරන දේ හරි. වැඩේ තියෙන්න පාට පාට කණ්ණාඩිවලින්නේ අපේ උදවිය බලන්නෙ. ඉතින් කොහොමද හරි පාට දකින්නෙ.

    ReplyDelete
  49. @රුවන්පුත්‍ර,
    100% ක්ම හරි.
    අපි අන්ධයෝ වගේ ඔහේ බලාගෙන ඉන්නවා.
    ලංකාවේ මිනිස්සුන්ට ගඳ සුවඳ, හොඳ නරක පේන්නේ බොහොම අඩුවෙන්.
    ඉතාම කුඩා පිරිසක් මෙවන් දේ විමසන කලිහි ඔවුන් නිරායාසයෙන්ම වැරදි පුද්ගලයින් ලෙස හන්වඩු ගැහේ.
    එම නිසා එම පිරිසද සමහර අවස්ථාවලදී කට _ක වහගෙන සිටීමට සිදු වී ඇත.
    නැත්නම් බලෙන්ම ඒවා වසා දමනවා ඇති.

    කෙසේ වෙතත් ඔබ වැනි විවෘත මනසකින් සමාජය ආමන්ත්‍රණය කරන්නන් අගය කළ යුතුය.

    /බිඟුවා...!

    ReplyDelete
  50. මගෙ අද හස කියන්න ඉතින් මන් ඔක දැක්කෙ නෙහෙ... හැබය් ඉතින් දැක්කත් නැතත් ඔය දෙ අනුමත නම් කරන්න බෙහෙ....

    එත් වරද එක පත්තකට පටවන එකට නම් ඉතින් හරියට නොදැන කත කරන්න බෙහෙ....

    හැබය් ඉතින් ඔය අපු දන්න ලොකෙට පෙනුන සිද්දියක් විතරය්... ඔය වගෙ කොඉ තරම් දෙවල් වෙනව අද්ද.... අපි නොදැනුවත්ව

    ReplyDelete
  51. @ Cool
    ඒක නම් ඇත්ත. මේ වගේ දේවල් කොච්චරනම් වෙනව ඇත්ද?
    ඒත් ගැටලුව තමයි මාධ්‍ය විසින් මේවා වැරදි අකාරයට පෙන්වා මිනිසුන්ගේ සිතුවිලි විනාශ කිරීම

    ReplyDelete
  52. @කූල්,
    ඒක නම් ඇත්ත.

    @රුවන් පුත්‍ර,
    ඔයා හරිම "ඇලර්ට්" නේද ලිපිය ගැන. හරිම අගෙයි.
    මටත් කලින් උත්තර බැඳලා තියෙන්නේ අගේට. :)

    /බිඟුවා...!

    ReplyDelete
  53. @බිඟුවා,
    හුග කාලෙකට පස්සෙ කට අරින්න හම්බවුණෙ. ඉතින් ඔයාගෙ ලිපිය හරි විවාදාපන්නයි. අදහස් ගලන මාතෘකාවක්. ඔයා නියම පාරෙ ගිහින් නැවතිල හැරෙන්න පාරවල් ගොඩක් පෙන්නල තියෙනව. ඕන කෙනෙකුට ඕන පාරක යන්න පුලුවන්. පාරවල් ගැන වාද විවාද කරන්න පුලුවන්. වැඩේ තියෙන්නෙ සමහරැ ෂෝට් කට් හොයන එකනෙ. එතකොට ලත් තැන ලොප්

    ReplyDelete
  54. @රුවන් පුත්‍ර,
    ඒක හරි, කෙටි මාර්ග කියන්නේ කල්පැවැත්ම අඩු කියන එකනේ.
    අනික වාද විවාද කරන්න ඕනේ වාද විවාද කරන්න අවශ්‍ය දේවල් නේද?
    කාටත් තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න පුළුවන් දේවල්,
    බොහොම තුති මේ වාදයට එක් වූවාට.
    ආයෙත් දවසක හමුවෙමු හොඳ විවාදයකින්.

    /බිඟුවා...!

    ReplyDelete
  55. කෙල්ලෙක් ට අතවරයක් උනාම එ්ක කෙල්ල ගෙ වැරැද්දක් කියලා කියන එක සිම්පල් ප්ලෑන් එකක්!

    ReplyDelete
  56. @ All මෙක බෙල්ල කැපෙන සබිකේටි එකක් වැඩේ කොහොම උනත් video කරල විකුනන එක ublick වැඩක්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!