February 16, 2011

ඇවටාර් 1_02: ඇවටාර් ආපසු එයි (The Avatar Returns)

පෙර කතාව: කිටාරා, සාක් එක්ක මාලු අල්ලන්න ගිය වෙලාවේ අයිස් කුටියක් ඇතුලේ හිරවෙලා හිටිය ඇන්ග් සහ එයාගේ පියාඹන කුලු හරකා ආපා හමබ වෙනවා. ඇන්ග් කිටාගේ ගමට ඇවිල්ලා සෙල්ලමින් ජීවත් වෙනවා. ඇන්ග් සහ කිටාරා ගිණි හමුදාව දාලා ගිය නැවක් ඇතුලට ගිහිල්ලා ඒකේ තිබ්බ ආලෝක එලියක් වැරදීමකින් පත්තු වෙනවා. ඇන්ග් පස්සෙන් එලවන සුකෝ කුමරයා මේ එලිය දැකලා බලනකොට ඇන්ග්ව දකිනවා. සුකෝ කියන්නේ ගිණි හමුදාවේ ලොක්කගේ පුතා. ඇන්ග් අල්ලන එක තමා මිනිහගේ එකම අභිප්‍රාය.


මේ එලිය දකින ගමේ අය ඇන්ග් එක්ක අප්සෙට් යනවා. ඒක හින්දා ඇන්ග්ට ගම දාලා යන්න කියනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැනේ. ඇන්ග් ගමෙන් යනවා. මේ අතරේ සුකෝ ගමට එනවා ඇන්ග් අල්ලගන්න. මේ තියෙන්නේ සුකෝ කුමරයා ආපු නැව. සාකා දන්න කියන වැඩ දාලා ෆයිට් කරනවා. වැඩක් නැ.



මේ  බලන්න. සුකෝ දෙනවා සාකට හොම්බ රිවට් වෙන්න. මේ අතරේ ඇන්ග් දකිනවා සුකෝගේ නැව යනවා ගම පැත්තට. ඉතින් උදව් කරන්න හිතාගෙන ආපහු ගමට යනවා. ඇන්ග් දන්නේ සුලං හසුරවන්න විතරනේ. නමුත් මිනිහ ඒක මාස්ටර් කරලා තියෙන්නෙ. සුකෝ වැඩ දමමින් ගහනවා. නමුත් ඇන්ග් සිල්ප දාලා බේරෙනවා. නමුත් ගමේ අනිත් අයට හානියක් වෙයි කියලා ඇන්ග් තීරණය කරනවා සුකොට යටත් වෙන්න. මෙන්න මේ වෙලාවේ තමා ගමේ ඉන්න අනිත් අය දැන් ගන්නේ ඇන්ග් කියන්නේ ඇවටාර් කියලා.


ඇන්ග් සුකෝ එක්ක පිටත් වෙනවා. ගමේ අයට හරිම අප්සෙට්. කිටාරාට විශේෂයෙන්. සාක එක්ක පිටත් වෙනවා ඇන්ගට උදව් කරන්න. නමුත් නැවක් පස්සේ එලවන්න පොඩි බෝට්ටුව්කට බැරි හින්දා ආපා පිටේ නැගලා යනවා. මෙතනදී ආපා පියාඹගෙන යනවා. සාකට හරිම පුදුමයි. මේ රුපේ ඉනෙන සුකෝ කුමරයා ඇන්ග් එක්ක සුකෝගෙ නවේ. ඔය අල්ලගෙන ඉන්නේ ඇන්ග්ගේ යස්ටිය. ඒක ඇන්ග් පියාඹනකොට සුළඟ හසුරවන්න හසය වෙනවා.

මෙන්න මේ අස්සේ පොඩි වලියක් යනවා සුකෝගේ නැවේ. ඇන්ග් පොඩි වැඩ කැල්ලක් දාලා පැන ගන්න හදනවා. නමුත් ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැ සුකෝ එක්ක. සුකෝගේ එක පාරක් වැදිලා ඇන්ග් වැටෙනවා වතුරට. මෙන්න මේ වෙලාවේ ඇන්ග් යනවා ඇවටාර් තත්වයට. ඒක වෙන්නේ ඉබේටම. මෙන්න එහෙම ඇවිල්ලා දෙනවා කුඩු වෙන්න ගිණි හමුදාවේ නැවට. ගහන්නේ වතුරෙන්. ඒ කියන්නේ වෝටර් බෙන්ඩින් පාරක් දානවා. ආපා කිටාරයි සාකයි එක්ක සුකෝගෙ නැවට ඇවිල්ලා ඇන්ග් එක්ක ආපහු පිටත් වෙනවා. ඇන්ග් ඇවටාර් කියලා පිළි ගන්නවා එක්කම දැන් එයාට තියෙනවා අනිත් මූලද්‍රව්‍ය 3 ප්‍රගුණ කරන්න. ඒ කියන්නේ වතුර, පොළව හා ගින්දර.

ඊට කලින් ඇන්ග්ට ඕනැ වෙනවා එයාගේ පන්සලට යන්න.

මීළඟ කොටසින්: දකුණු සුළං පන්සල.(The.Southern.Air.Temple).

6 comments:

  1. මේක නම් සිරා කතාව.මමත් බැලුවා නිදි වරාගෙන

    ReplyDelete
  2. දිගටම ලියන්න

    ReplyDelete
  3. අනේ බිඟු අයියේ මෙහෙම කියවද්දි නම් ආසයි. ඒත් ඉතින් අපිට කොයින්ද පූසෝ මාළු අපි යනවද මූදු ඇහුවලු..........

    ලිපි 2ම එක හුස්මට ආසාවෙන් කියෙව්වා...... පින් තකා පුලුවන් වෙලාවට ලියන්න අයියා.......

    අක්කවයි පැංචවයි සුපුරුදු ලෙංගතුකමින් මතක් කලා කියන්නත් අමතක කරන්න එපා........

    ReplyDelete
  4. ඔන්න මමත් නිවාඩු පාඩුවේ කියෙව්වා.. නියමයි! පොඩ්ඩාවයි අක්කාවයි මතක් කල කියන්නෝ.. බුදු සරණයි 3න් දෙනාටම

    ReplyDelete
  5. මචං . . . අවුරුදු 100ක් නිදාගෙන හිටපු අපා ආයෙ ඉගිලෙන්නෙ සාක ගෙ උත්සාහය නිසයි.

    ReplyDelete
  6. මම කැමතිම කාර්ටුන් එකක් බොහොම ස්තූතියි මචං ..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!