February 13, 2012

ඊයේ බොරතෙල් ගණන් - අද බස් ස්ට්‍රයික්

අද උදේ රස්සාවට එන්න පාරට බයික් එක දැම්මා විතරයි බුදු අම්මෝ තියෙන වාහන කන්දරාව. එහෙන් මෙහෙන් අස්සෙන් දාලා ආව පොඩි ෂෝට් කට් එකකට. අප්පර සිරි. ඒකෙත් පිරෙන්න වාහන. මං බැලුවා මොකද මේ කියලා. එක පාරම මිනිස්සු පොදු සේවය අතැඇරලා පුදගලික වාහනවල යන්නේ මොකෝ කියලා. පස්සේනේ කාරණාව තේරුනේ. ඊයේ බොරතෙල් ගණන් ගිය හින්දා අද බස් ස්ට්‍රයික්. පුදුම සම්බන්ධයක් නේ තියෙන්නේ. එක්කෙනෙක් කියනවා මෙහෙම.


මං හිතුවේ අද බස් නැති හින්දා වාහන අඩු වෙයි කියලා.
පිස්සුද අනේ... බස් නැති උනාට මිනිස්සු වැඩට යනෙන නැද්ද? එයාලා මොකක් හරි තියෙන වාහන කටුවක් අරගෙන පාරට බහිනවා.
ආ.. ඒක තමා.. කොහොමහරි ජීවත් වෙන්නත් ඕනැනේ..ඒක නෙමෙයි බලන්නකෝ මිනිස්සුන්ට තියෙන වාහන.
අනේ ඔය වාහන ඔක්කොම පාරට නොදාන එකමයි හොඳ... පේන්වානේ තියෙන තදබදේ...


ඇත්තටම අද මිනිස්සු හරිම අමාරුවක තමා වැටුනේ. තියෙන මිනිස්සු මොකක් හරි අරගෙන ගමන යනවා. නැති එකා ඉතින් පොදු සේවය තමා. ඉතින් මේ පොදු සේවය නැති උනාම ඔක්කොම වැඩ කොට උඩ යනවා. පෙට්‍රල් ගණන් ගියාට ලොකු අමාරුවක් වෙන්නේ නැ. මොකද පෙට්‍රල් ගහන්නේ පුදගලික වාහන ගොඩාක් වෙලාවට. නමුත් ලොරි බස් වැන් වගේ ඒවා ගහන්නේ ඩීසල්. ඉතින් ඩීසල් ගණන් ගියා කියන්නේ ඔක්කොම ගණන් ගියා වගෙයි. රුපියල් 30ක් කියන්නේ ලොකුම ලොකු ගාණක්. ඉතින් මේකෙන් අන්තිම බලපැම එන්නේ පුංචි මිනිහට. බස් ගාස්තුවේ ඉඳලා පිටු පාන් එළවළු වගේ පොදු දේවල් අහස උසට යයි. බූමිතෙල් ගණන්ගිය හින්දා මිනිස්සු මාළු අල්ලන්න ගිහින් නැ. ඉතින් ධීවර මිනිස්සු කොට උඩ. ඒ මිනිස්සු එදා වේලට සෙට් වෙන අය. ම

මේ ගැන ගොඩාක් ලියන්න හිතුනත් වැඩක් වෙයිද කියලා සැකයි. ඒක හින්දා මෙතැනින් මම නවතින්නම්. නමුත් රජයක් වශයෙන් මීට වඩා හොඳ තීරණ ගත යුතුයි කියලා මම පුදගලිකව හිතන්නේ... ඒ කොහොමද කියලා මගෙන් අහන්න එපා. මම උත්තරේ දන්නවානම් මමත් අද පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බා...

14 comments:

  1. උදේ පාන්දර කෑම කන්න කඩේට යනකොට සීටීබී එකක් ගියා ඉහිං කනිං සෙනඟ පුරවගෙන.. :D
    පස්සේ තමා කම්පනා වුනේ අද බස්ට්‍රයික් කියලා.. ඇත්තට මේ තෙල් මිල වැඩි වුන ගමන් බලපාන්නේ පොඩි මිනිහට තමා.. ත්‍රීවීලර් ගාස්තුත් වැඩි කරලා..

    ReplyDelete
  2. මටත් මේ බස් නැතුව යන එනමං නැති වෙලා ඉන්නේ. අපිට ඉතිං බස් නැතිවෙන කොට හිතේ හැටියට දාන්න වාහන තියෙන එකක්යෑ. අන්තිමේදී හැම අතින්ම තැලෙන්නේ පොඩි මිනිහා තමයි.

    ReplyDelete
  3. ත්‍රීවීලර් එකක ගිය කාලයක් මතක නැ. කොහොම හරි කෙල වෙන්නේ අපිටමයි.

    ReplyDelete
  4. කවුරු මොනා කළත් තැලෙන්නෙ අහිංසක මිනිස්සු ටිකමයි ......

    ReplyDelete
  5. අනිවා... මෙහෙත් මිනිස්සු පාරට බැහැලා උද්ගෝෂණය කළා

    ReplyDelete
  6. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවනවයි කියල දැන් මාස කීයක් ගියාද ?උඩ බලාගෙන උන්නු අපේ එවුන් ඉරානය බොර තෙල් සැපයීම අත් හිටුවනවා කියනකම් ඉදලා තෙල් මිල ඉහල දානවා. ගැමුණුට මදිද ඕක .

    ReplyDelete
  7. හොරකම වංචාව තමයි ඇත්ත හේතුව.දකුණු ආසියාවේ කොහෙවත් තෙල් මිල වැඩි කල බවට තොරතුරු නැහැනේ

    ReplyDelete
  8. අද කොළඹ එනකොටත් ගාලේ ඉදලා ෆුට් බොර්ඩ් එකේ.... මොනව වුනත් තැලෙන්නෙ පොඩිවෙන්නේ අපි....!!

    ReplyDelete
  9. අපේ ගෙදර ඉඳලා පාරට එන්න 150 ඉස්සර අද ඉඳලා 200 කියලා ගෙදරින් කිව්වා...

    ReplyDelete
  10. අනිතිමේ ඔය ඔක්කොම බර එන්නේ පොඩි මිනිහගේ බත් බතට තමයි.. හෙට වෙද්දි තව මොනා වැඩි වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. බොරතෙල් ගාස්තු, බස් ගාස්තු ඔන්න දැන් ලයිට් ගාස්තුත් වැඩිලු.

      Delete
    2. මලා එහෙනම්.. ඉටිපන්දම්වල ගාණ කීයද?

      Delete
  11. baya wenna epa. oya rajayata giyath mey tikama thama wenne. oya parliament ekata yana okkotama wenne ekama deyai.

    ReplyDelete
  12. දැන් බස් ගාස්තුත් 20%කින් වැඩි වෙලා !!!
    අපෝ අපෝ !!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!