June 15, 2012

පියවරුන්ගේ දිනය

මව්වරුන්ගේ දිනය යනුවෙන් පැවසූ සැනින් අපේ බොහෝදෙනාට එය කුමැක්දැයි යන්න ගැන අවබෝධයක් ඇතිවා මෙන්ම එය කෙසේ සැමරිය යුතුද, එය අවුරුද්දේ කවදාද යන කරුණු ගැනද නිතැතින්ම සිහියට එනවා ඇත. එදිනට මව්වරුන් වෙනුවෙන් නොයෙකුත් උත්සව, ප්‍රය සම්භාෂණ සූදානම් කරමින් නොයෙකුත් පෙදෙස්වල නෙයෙකුත් කයටුතු කෙරෙන්නේය.

මෙසේ කටයුතු සංවිධානය කරන පුද්ගලයකුගෙන් "ඔබ පියවරුන්ගේදිනය වෙනුවෙන් කුමක් කරන්නට බලාපොරොත්තු වනවාදැයි" විමසුවහොත් "ඒ කුමක්දැයි" යන පිළිතුර හෝ පැණය ඔබ වෙත එල්ල වන්නට ඇති ඉඩකඩ බොහෝය. ඒ තරමට ඔවුන් ඒ ගැන නොදැනුවත් විය හැකිය. "අම්මා රත්තරං" කිව්වාම "තාත්තා පිත්තලද" කියූ කතාව මගේ සිහියට එන්නේ මෙවන් අවස්ථාවකදීය.

ඒ කෙසේ වෙතත් අද සමාජයේ බොහෝ දෙනාට මෙම පියවරුන්ගේ දිනය අමතකව ගොසින්ය. එය යෙදෙන්නේ ජුනි මාසයේ තුන්වන ඉරිදා දවසටයි. 2012 අවුරුද්දේ නම් ජුනි 17 වැනිදාටයි. මෙසේ මේ දිනය අමතක වන්නේ අපේ පියවරුන්ගේ ක්‍රියාවන් මතමයැයි විටෙක කෙනෙකුටත් සිතෙන්නට පිළිවන. අපේ පියවරුන්ගේ සමහර ක්‍රියාවන් දෙස විමසුන් දෑසින් බලන කල්හි එය සැමරිය යුතුදැයි සාධාරණ සැකයක් ඔබේ සිතේද නිතැතින් ජනිත වන්නට ඉඩ නැතුවාම නොවේ.

ඒ කෙසේ වෙතත් ඔබේ පියා අගය කල යුත්තකුනම් අන් සියල්ල අමතක කර එදිනට ඔබේ පියා වෙනුවෙන් එක මිනිත්තුවක් ගත කරන්නට අමතක නොකරන්න.

.

10 comments:

  1. හපො ්අපේ තාත්තට අපි ඇඳුං ගිහිං දෙනවා සිංහල අවුරුද්දට...අපේ අයිය බෝතලයක් ගෙනත් දෙනවා අවුරුද්දට...
    තව අපි එයා ගැන හොයනව ඕ ඇති..තව දින මොකටද?/

    ReplyDelete
    Replies
    1. අප්පේ ... ඒ මදෑ හොඳටම....

      Delete
  2. තුන්වන ඉරිදා කියන්නේ අයියේ 17 නේද? අම්මල ජීවිතේට ආදරේ ගෙනෙද්දී , තාත්තලා තමයි ජීවිතේට ශක්තිය ගෙනත් දෙන්නේ!!

    ReplyDelete
  3. සිහිකැඳවීමට ගොඩක් ස්තුතියි !!!

    ReplyDelete
  4. ජංජාල චාමර,
    ඔව් මචන්... වැරදීමක්... ඒක හැදුවා... තුති...

    ReplyDelete
  5. තාත්තලාට තියෙන්නේ අඩු සැළකීමක්. පියවරුන් ගැන ලියැවුනු සිංහළ ගීතත් අඩුයි. ඒකයි ටී. ඇම්.ජයරත්න අහන්නේ...." අම්මා වරුන් විතරද මතු බුදුවන්නේ " කියල. නන්දා මාලිනි කියන විදියට 365 දවසේම මව් පියන්ට වැඩිහිටියනට සළකන අපට ඕකට වෙනම දවසක් මොකටද ? කොම්පනි කාරයින්ගේ විජ්ජා......

    ReplyDelete
    Replies
    1. buduhamuduruwo kiyala thiyenne awurudu siya dahasak demawpiyanwa urayee thiyegena salakuwath naya gewanna baha kiyala. api jeewithe athi thak ape demawpiyanta slakanna one. demawpiyanta kisi salakillak dakwanne nathi ayatanam me dawasa tikak wadagath wenawa. demaw piyanta salakana ayata wisesa dawasak ekata wadak naha. namuth obe me sihi kandaweema etha ageekota api salakanawa. budusaranai....

      Delete
  6. ඒක නෙමෙයි බිඟු පැංචා එහෙම දැන් ලොකු ඇති නේද????? මතක් කලා කියන්න රැජින අක්කත් එක්කම.

    ReplyDelete
  7. ඒක දිනයකදී නෙමෙයි මට හැම දිනයක්ම පියවරුන්ගේ දිනයක්. මොකද මම හැමදාම නිදාගන්න යද්දී තුන්දෙනෙක් වෙනුවෙන් ප්‍රේ කරනවා. 1 දෙවියන්ට, 2 තාත්තාට, 3 අම්මා ට

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!