July 27, 2012

රිදුනු සිත

වීද අනවධානයක් නැතහොත් කරාද
හිතාමතාම උන් උන්
වෙසෙසින් සම්ප්‍රාප්ත වෙමින් අතරට
අපේ ප්‍රංසවාදය බිඳනු පිණිස
තිබූ කලක් යහතින් වැජඹෙමින්
එකම ධජයක් එකම සෙනෙහසක්
වීද කරාද කම් නොමැත්
අවසන දුටුවිට හිත් කිළිපොළන
තරමට ගෙනෙන්නට තත්සර
නගන පොපියන දෙනෙත්
බසින් අවසර නොමැතිව පවසන
කෲර කුහක අකුරු පෙළ
රිදවයි දෙසවන් දුන්නා වූද
දෙන්නට වීද මිථයාව අනෙකුගේ
කැමැත්ත මිසක නොපැතුවද
වාලේ සඳ සැල් මෙන්
ඉනංගු කරමින් සසංකත්වය
ත්‍රීව්‍ර කෙරෙමින්
ගෙනෙමින් නොහොඹිනා නොතරම්
සංගත බෙදුම බෙදමින් අපතරට
උවමනාවීද කුකුල් කඩන්නට
සිද බෙඳින්න්ට මෙතුවක් වුණු
ඉන්ද්‍රකීලයන් නොකී මුව සැහෙන
ඉවසන්නට නොහැකිවීද
කිළිටි මානස සහිත
ජය ලැබුවාද ඉතින් යහතින්


-රිදුනු සිත-

6 comments:

  1. ඇත්තම කියනව නං මට එච්චර තේරුනේ නෑ මේ කියන්නේ මොකක්ද කියල..
    :ඩී

    ReplyDelete
  2. මගේ ඔලු ගෙඩියට මේක බර වැඩියි. මොකක් ගැනද අයියේ මේ කවි සිතුවිල්ල ලියලා තියෙන්නේ.

    ReplyDelete
  3. මේ බර වචන ටික තේරුම් ගන්න තරම් සිංහල දැනුමක් නෑ කියන එක කණගාටුවෙන් වුනත් පිළිගන්න වෙනවා :(

    ReplyDelete
  4. බර කිව්වට එහෙම බරක් නැ මචන්ස්ල්ස්ස්...
    ඇත්තම කිව්වොත් කාලයක් එකට සෙට් වෙලා හිටිය සෙට් එකක් තරඟයක් නිසා පොඩ්ඩක් බේදබින්න වුනා වගේ එකක් තමා කියැවෙන්නේ... ඒ ගැන හිත දොස් කියනවාලූ...

    ReplyDelete
  5. ඔබගේ බ්ලොගයේ අලුත්ම මෙම්බර් වශයෙන් මගෙ ප්‍රොෆයිල් එකෙන් ජොයින්ට් වී සිටින පුද්ගලයා මා නොවන බවත්,ඔහු විසින් පල කරන කිසිම කොමෙන්ටුවකට මගේ සම්බන්ධයක් හෝ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න..ස්තූතියි.

    ReplyDelete
  6. මචං . . . සෙට් එක තරහ වෙලා වගේ පේනව

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!