December 9, 2014

හද පැලී මි'යැන්නට මත්තෙන්...

යාන්තමට හෝ දකින්නට ඔබේ රුව
නෙත් පොපියා සිටි'මුත්
සැගව ගොසින්ය කාටත් හොරා
දැවටෙන්නට සිත්දරා උණුසුමට නෙත් පියා
වෙලා ගන්නට නොහකි'මුත් ඔබේ ගත
නික්ම ගොසින්ය කාටත් හොරා
සියොතුන්ද සැඟව ගොසින්ය
නිමක්නැති ගඟනපුරා තනිකමයි හද රැඳුන
කියන්නට සිත් නොවන
දකින්නට රිසි නොවන
හනික පිය නගනු මැන
හද පැලී මි'යැන්නට මත්තෙන්...

9 comments:

  1. වෙන්ව යා යුතු නම් හමු වීම දුකක්..

    ReplyDelete
  2. 'හද පැලී මි'යැන්නට මත්තෙන්' 'නිමක්නැති ගඟනපුරා'වට මතකය විසිකර, 'යාන්තමට හෝ' නො'දකින්නට' 'සැගව' යමු .

    ReplyDelete
  3. mea mokak ganada ban kiyannae?

    ReplyDelete
  4. බිගුවා.....................

    නියම හමුවීමක්.......... අදමයි මේ පැත්තට අාවේ........... හැකි හැම වෙලාවකම ලියමු......... අපි දිගට ම හමුවෙමු............. කවි ලියනවානම් ඉතින් අපි උඩින්ම..............

    ReplyDelete
  5. Wow! really wonderful..write some more!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!